කල්ගත වූ බොලිවුඩ් චිත්‍රපටයක් ජුනි 28



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-80

2017 වසරේ සිට රූපගත කෙරෙමින් පවතින කරන ජෝහර් නිෂ්පාදනය කළ ‘ඩ්‍රයිවර්’ චිත්‍රපටය එළැඹෙන ජුනි 28 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය. ජැකලින් ෆර්නැන්ඩෙස් හා සුශන්ත් රාජ්පූත් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වූවක් බව සදහන් වේ.

කෙසේ වෙතත්, 2018 වසරේ අගදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන බවට ඉඟි පළවුවද එය එසේ සිදු නොවුන අතර, නැවතත් මේ වසරේ ජනවාරියේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බවට නිෂ්පාදක කණ්ඩායම මාධ්‍යය දැනුම්වත් කර තිබුණමුත්, කරන් ජෝහර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ දෙවැන්න තිරගත කිරීමට එම කාලයේදී කරන් ජෝහර් කටයුතු කර තිබුණ නිසා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට කල්ගත වීමට හේතු වී තිබුණි.