කල් ගිය සුපිරි විවාහය ගැන නැවතත්
ගෙවුනු ජනවාරි 22 වැනිදා විවාහ වීමට සිටි රන්බීර් කපූර් හා ආලියා භාට්ගේ විවාහය මේ වනවිට දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ පිළිබඳව කපූර් පවුලේ ළඟම ඥාතියෙක් පසුගියදා ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාව සමග එක් වෙමින් පවසා තිබුණි.
ජනවාරි මාසයේදී පැවැත්වීමට තිබු මෙම විවාහය කල්ගත වූයේ කුමන හේතුවක්ද යන්න මේ වනවිටත් ආනාවරණය නොවන අතර, සමාජ මාධ්‍යයන් පවසන්නේ රන්බිර්ගේ පියා වූ රිෂිගේ අසනීප තත්ත්වයන් හේතුවෙන් මෙම විවාහය කල්ගත වු බවය.