කලකට පසුව දමිල සිනමාවේ දකින ශ්‍රී දිව්‍යා
විවාහ ගිවිසගත් බවට පසුගිය කාලයේ කට කතා පැතිරුණ ජනප්‍රිය දමිල සිනමා නිළි ශ්‍රී දිව්‍යා වසර තුනකින් පසුව නැවතත් දමිල චිත්‍රපටයක් හරහා තුළ දැක බලා ගැනීමට ප්‍රේක්ෂයන්ට අවස්ථාව උදාවී තිබේ. ඒ ලබන වසරේ ප්‍රදර්ශනය කිරිමට නියමිත ක්‍රියාදාම චිත්‍රපටයක් හරහාය.
බද්රි වෙන්කටේෂ් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ ශ්‍රී දිව්‍යා සමගින් පළමු වතාවට සිනමා පෙම්වතුන් ලෙස ගෞතම් පෙනී සිටියි. ඇය මෙම චිත්‍රපටයේ භෞතික චිකිත්සකවරියක් ලෙස රංගනයෙන් දායක වෙයි. ශ්‍රී දිව්‍යා අවසන් වරට දමිල චිත්‍රපටයක පෙනී සිටියේ 2017 වන අතර, ඒ ‘සංගිලි බංගලි කඩව තොරේ’ චිත්‍රපටයේය.