කලකට පස්සේ ලොෆේස් චිත්‍රපට නිෂ්පාදනයට
ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් කාලයකට පසුව චිත්‍රපට නිෂ්පාදනයට යොමුව තිබෙන බව වාර්තා වෙයි.
ඒ ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ‘මැරී මි’ චිත්‍රපටය සඳහාය.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේද ජෙනිෆර් වීම විශේෂත්වයකි.
ජෙනිෆර් අවසන් වරට චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබුවේ 2018 වසරේදීය. ඒ ‘සෙකන්ඩ් ඇට්’ චිත්‍රපටය සඳහාය.
එම චිත්‍රපටයේද ප්‍රධාන චරිතය ජෙනිෆර් විසින් නිරූපණය කරනු ලැබීය.