කලකට පස්සේ පොලිස් නිළඇඳුම අදින රජිණි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-1034

දකුණු ඉන්දීය සිනමාවේ අදටද අසාහය වීඍයා ලෙස හඳුන්වන රජිණිකාන්ත් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ඩර්බර්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටියි. ඉන්දියාවේ මුම්බායි නගරයේ සිදුවන මෙහි රූපගත කිරීම් කටයුතුවල සුවිශේෂි සිදුවිම් රැසක් සිදුව තිබේ.

ඉන් කැපි පෙනෙන සිදුවීම බවට පත්ව ඇත්තේ රජිණිකාන්ත් කාලයකට පසුව පොලිස් නිලධාරියෙකුගේ චරිතයකට පණ දීමය. මීට පෙර අවස්ථා කිහිපයකදීම රජිණි ඉන්දීය චිත්‍රපටවල පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි ඇති නමුදු පසුගිය වසර 25 තුළදී ඔහු එවැනි චරිතයක් සඳහා දායක වී නොමැති බව සඳහන් වේ.