කලකට පස්සේ දුෂ්ටයාට රඟපාන විජේ සේතුපති
දකුණු ඉන්දීය සිනමාවේ නිතරම දකින සිනමා නළුවෙකු බවට ප්රසිද්ධව සිටින විජේ සේතුපති වසර කිහිපයකට පසුව දුෂ්ඨ චරිතයක් තුළින් සිය ප්රේක්ෂකයින් මුණ ගැසිමට සූදානම් වෙයි. ඒ තවත් නොබෝ දිනකින් රූපගත කරන්නට නියමිත ‘සලාර්’ චිත්රපටයේය. ඔහු මීට පෙර චිත්රපට තුනක දුෂ්ඨයාට රංගනයෙන් දායක වී තිබුණි.
මෙම චිත්රපටයේ විජේ රංගනයෙන් දායක වන්නේ ‘බාහුබලී’ චිත්රපටය හරහා ලොවපුරා ජනප්රිය වූ ප්රභාස් සමගින් බව වාර්තා වෙයි. ඔහු රංගනයෙන් දායක වූ දමිල, බොලිවුඩ්, තෙළෙඟු හා මලයාලම් චිත්රපට 08ක් ප්රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ අතර, අමිර් ඛාන් රඟන ‘ලාල් සිං චඩ්ඩා’ චිත්රපටයද තිබිම විශේෂත්වයකි.