කලකට පස්සේ ආක්ෂේ කොමඩි චිත්‍රපටයක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-227

2002 වසරේ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රියදර්ශන් විසින් නිර්මාණය කළ ‘හංගාමා’ කොමඩි චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට මේ වනවිට සැළසුම් කරමින් සිටින බව සඳහන් වේ. 2002 වසරේ තිරගත වූ ‘හංගාමා’ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින්ද අති සාර්ථක වූ චිත්‍රපටයක් වන අතර, එහි ජනප්‍රිය බොලිවුඩ් නළුනිළියන් බොහෝ දෙනෙකුද රංගනයෙන් එක් විය.

අනාගතයේ නිර්මාණය කරන්නට අදහස් කරමින් සිටින ‘හංගමා’ දෙවැන්නේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ වර්තමානයේ බොලිවුඩයේ සිටින සාර්ථකම නළුවා වන ආක්ෂේ කුමාර් බව වාර්තා වේ. ඔහුට අමතරව අෆ්ටාබ් ශිවදාසන්, රිමි සෙන් මෙහි ප්‍රධාන චරිත සඳහා එක්ව සිටින අතර, ‘හංගාමා’ මුල් චිත්‍රපටයේ රඟපෑ පරේෂ් රාවල්ද මෙහි එන චරිතයක් නිරූපණය කිරීමට නියමිතය.