කරීනා සිහින් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-05-ent-23

දරුවෙකු ලැබෙන්නට සිටියදී කාන්තාවන් ගේ සිරුර බොහෝ සෙයින් වෙනස් වෙන්නේය. එය යථා තත්වයට පත් කර ගැනීම ස`දහා ආහාර පාලනය මෙන්ම ව්‍යායාම ද අවශ්‍ය වන්නේය. එහෙත් දරුවා ඉපදීමෙන් පසුව කාන්තාවන් වැඩි දෙනෙක් සිය සිරුර ගැන සැළකිල්ලක් දක්වන්නේ නැත. එම නිසාම ඔවුන් ගේ සිරුරේ හැඩය පිරිහී යයි.

නිළියකට ඇති ලොකුම ආභරණය ඇගේ රුවය. එම නිසාම ඇය රුව රැුක ගැනීමට වෙහෙසිය යුතුය. කරීනා කපූර් ද සිය පුතු තායිමූර් ඉපදුණාට පසුව තරමක් තරබාරු වුවාය. එහෙත් දැන් ඇය නැවතත් ඇගේ සිහින් සිරුර ලබා ගැනීමට වෙහෙසෙමින් සිටින්නීය. ඇය බොහෝ උද්යෝගිමත් ලෙස ව්‍යායාමාගාරයෙන් පිටතට එන අන්දම දැන් සුලබ දසුනක් වී තිබේ. ඇය ආහාර ද පාලනය කරන බැව් තතු දන්නෝ කියති.