කරීනා නැතුව..?
තුෂාර් කපූර් මේ මෑතකදී ඔහුගේ පුතු ලක්ෂ්‍ය කපූර්ගේ පළමුවැනි උපන් දිනය වෙනුවෙන් විශාල සාදයක් පැවත්වූයේය. කරීනා කපූර් මෙම සාදයට ආවේ ඇගේ සිඟිති පුතු තායිමුර් අලි ඛාන් ද සමඟය.
තුෂාර් මේ දිනවල රෝහිත් ෂෙට්ටිගේ, ‘ගෝල්මාල් අගේන්’ චිත්‍රපටිය නිසා කාර්යබහුල වී සිටින්නේය. කරීනාට ද චිත්‍රපටි කිහිපයක්ම ලැබී තිබේ. ගෝල්මාල් හි කරීනාගේ චරිතය පි‍්‍රය කළ රසිකයන් මේ චිත්‍රපටියේ ඇය නොමැති වීම ගැන දොම්නසට පත් වෙනවා නියතය.
”කරීනා නැතුව මේ ෆිල්ම් එක කරන්නෙ කොහොම ද? කියලා හුඟක් අය මගෙන් ඇහැව්වා.... ඇත්තටම මම කතා කළා නම් කරීනා දෙසැරයක් නොහිතා කැමැති වෙනවා කියලා මම දන්නවා. ඒත් ඒ වෙනකොට ඇය තමන්ගේ පළවෙනි දරුවා බලාපොරොත්තුවෙන් හිටියෙ. මම චිත්‍රපටියට කතා කළා නම් ඒක අම්මටයි දරුවටයි දෙන්නටම කරන අසාධාරණයක්. කොහොම වුණත් ඇය නැතිවීම චිත්‍රපටියට අසාධාරණයක් කිලයත් මම දන්නවා. ඒ හින්දා කරීනා පෙනී හිටින ගීතයක් හරි වෙන දර්ශනයක් නිර්මාණය කරන්නැයි මම හිතාගෙන ඉන්නේ....”
චිත්‍රපටියේ නිෂ්පාදක රෝහිත් ෂෙට්ටි පවසයි.
”ඇත්තටම කරීනා නැති එක ලොකු පාඩුවක් තමයි... ඒත් තාබුයි පරිනීති චොප්රයි ඒ අඩුව පිරෙව්වා. මේක ඉස්සර වෙලා කරපු ගෝල්මාල් චිත්‍රපටිවලට වැඩිය වෙනස්ම එකක්...”
තුෂාර් කපූර් පවසයි. මෙම චිත්‍රපටි පෙළේ ඔහු රඟපෑ චරිතය හැම දෙනාගේම ආදරයට පාත්‍ර වූයේය.
පුතු ඉපදෙන්නට සිටියදී කරීනා සෑහෙන තරමකට මහත් වුවත් දරු උපතින් සති 12කට පසුව ඇය නැවතත් ව්‍යායාම හා ආහාර පාලනය ඇරඹුවාය. ”මාස තුනකදී කිලෝ ග්‍රෑම් 16කින් බර අඩු කරගන්න මට පුළුවන් වුණා...”
දැන් සාමාන්‍ය ප්‍රමාණයට පැමිණ සිටින කරීනා කියන්නීය.