කරිෂ්මා වෙනුවෙන් සායිෆ්ගෙන් සාදයක්
පසුගිය ජුනි 25 වැනිදාට යෙදි තිබුණ කරිෂ්මා කපූර්ගේ 45 වැනි උපන්දිනය වෙනුවෙන් ඇයගේ නැඟණිය කරිනාගේ සැමියා වන සායිෆ් අලී ඛාන් එංගලන්තයේ ලන්ඩන්හි පැවැති රාත්රි සමාජ ශාලාවක සාදයක් සංවිධානය කර තිබුණි.
මෙම උපන්දින සාදය සඳහා සායිෆ් හා කරිනා ඇතුළුව ඔවුන්ගේ සමිපතමයන් පමණක් සහභාගි වු බව සඳහන් වේ. සායිෆ්, කරිනා, කරිෂ්මාගේ සමිපතමයින් හා පවුලේ උදවිය දින අටක් තිස්සේ එංගලන්තයේ ලන්ඩන් නගරයේ ගත කරමින් සිටින බව දැන ගැනිමට ලැබේ.