කරිෂ්මා නැවත විවාහ වෙන ලකුණු
90 දශකයේ බොලිවුඩ් සිහින තාරකාවිය බවට පත්වූ කරිෂ්මා කපූර් මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් මුළුමණින්ම ඈත්ව සිටියි. පසුගිය කාලයේ සිය පෞද්ගලික් හේතු නිසා විවිධ මාධ්‍යයන් හරහා කතා බහට ලක්වූ කරිෂ්මා වසර 12ක් තිස්සේ විවාහ වී සිටි සන්ජේ කපූර්ගෙන් දික්කසාද වි ඇත.
මෙම විවාහයෙන් දරුවන් දෙදෙනෙකු කරිෂ්මාට සිටින අතර, ඔවුන් සිය භාරයේ පසුවෙයි. මේ දිනවල නැවතත් කරිෂ්මා පිළිබඳව කතා බහක් බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ. ඒ ඇය නැවතත් පෙම්වතියක් වී සිටිම හේතුවෙනි. කෙසේ වෙතත්, තවමත් ඇයගේ වර්තමාන පෙම්වතා පිළිබඳව කිසිදු ඉඟියක් වාර්තා නොවන අතර, ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බව පමණක් සඳහන් වේ.