කරිනාගේ චරිතය කත්‍රිනා කයිෆ්ට
1982 වසරේ තිරගත වූ ‘සාත් පේ සාත්’ චිත්‍රපටයේ නව නිර්මාණය සඳහා මේ දිනවල නළුනිළියන් තෝරා ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. පැරණි චිත්‍රපටයේ අමිතාබ් බච්චන් හා හේමා මාලනි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, අමිතාබ් රඟපෑ ‘රවී’ හා ‘බාබු’ යන ද්විත්ව චරිත සඳහා තෝරා ගෙන ඇත්තේ සුපිරි නළු රිතික් රෝෂන්ය.
හේමා මාලනි රං‘ගනයෙන් දායක වූ ‘ඉන්දු’ චරිතයට තෝරා ගෙන ඇත්තේ කත්‍රිනා කයිෆ්ය. කත්‍රිනාට පෙර මෙම චිත්‍රපටය කරිනා කපූර් තෝරා ගෙන තිබුණ අතර, පසුව ඇය දින පිළිබඳව ඇතිවු ගැටළුවක් මත මෙම චිත්‍රපටයෙන් ඉවත් වි ඇත. චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වසර අවසානයේදී සිදු කිරීමට නියමිතය.