කරිනා කපූර්ට තවත් දරුවෙක්
බොලිවුඩ් සිනමා නිළි කරිනා කපූර් නැවතත් ගැබි ගෙන ඇතැයි වාර්තා වෙයි. කරිනා හා සායිෆ් දෙදෙනාම මේ බව නිල වශයෙන් පසුගියදා මාධ්‍යයට ප්‍රසිද්ධ කර තිබුණි. 2012 වසරේදී සායිෆ් අලී ඛාන් සමග විවාහ වූ කරිනාට මේ වනවිට වයස අවුරුදු 5ක් සපිරුණු පිරිමි දරුවෙක්ද සිටියි.
කරිනා මාධ්‍යය කළ විමසීමකදී මේ බව පවසා තිබුණේ දෙවැනි දරුවෙක් බිහි කිරීමට ඉතා හොඳ කාලය මෙය බවය. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් මේ වනවිට සිවුමසක් තිස්සේ විවේකයෙන් සිටි කරිනා අවසන් වරට ප්‍රේක්ෂකයන් මුණ ගැසුණේ මේ වසරේ මුලදී ප්‍රදර්ශනය වූ ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටය තුළිනි.