කරිනා කපූර්ගේ ඉල්ලීම
මේ වනවිට දෙදරු මවක්ව සිටින සුරූපි සිනමා නිළි කරිනා කපූර් වර්තමානයේ වැඩි වශයෙන්ම සමාජජාලා ක්රියාකරන්නියක් බවට පත්ව සිටියි. ඇය පවසන්නේ මේ වනවිට ඉන්දියාව ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් විනාශ වෙමින් පවතින බවය.
ඉන්දීය ජනතාව හැකි ඉක්මණින් වෛද්‍යවරුන් මුණ ගැසී තමන්ට ‘කොවිඩ්’ රෝගය වෙනුවෙන් ලබා දෙන එන්නත විදගන්නා ලෙස ඇය ඉල්ලීමක් කර ඇත. එන්නත ලබ ගැනීම සඳහා ආරක්ෂාකාරි පියවරක් අනුගමනය කරන්නේ නම් ඉතා හොඳ බවද ඇය විසින් වැඩි දුරටත් සිය ජනතාවයා දැනුම්වත් කර ඇත.