කරිනා ආයෙත් වැඩ පටන් අරන්
සිය පළමු දරුවා ලැබී මාස 08ක කාලයකින් පසුව නැවතත් කරීනා කපූර් ඛාන් සිය සුපුරුදු සිනමා කටයුතුවලට සම්බන්ධව සිටින බව සඳහන් වෙනවා. ඇය මේ දිනවල රාජස්ථාන්හි රූපගත කිරීම් කටයුතු සිදු කරන ශාසන්කා ගෝෂ්ගේ ‘වීර් ඩි වෙඩින්ග්‘ චිත්රපටය සඳහා එක්ව සිටියි.
රාජස්ථාන්හි සිදු කෙරෙන මෙම රූපගත කිරීම් සඳහා සිය දරුවාද රැගෙන ඇය පැමිණෙන බව සඳහන් වෙනවා. කරීනා කපූර්ට අමතරව ‘වීර් ඩි වෙඩින්ග්‘ චිත්රපටයේ සෝනම් කපූර්, ස්වරා බාස්කර්ද රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්රපටය එළැඹෙන වසරේ මාර්තු මාසයේදී ප්රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.