කරන්ගේ බාබාලට ගෞරිගෙන් තෑග්ගක්
චිත්රපට අධ්යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකුද වන කරන් ජෝහාර්ට දාව උපන් යශ් හා රූහි දරුවන්ට ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන් විසින් අපූර්වතම කාමරයක් පිළියෙල කරදී ඇති බව සඳහන් වේ. පසුගිය සති අන්තයේදී කරන් ජෝහර්ගේ මුම්බායි නිවසට රැගෙන ආ මෙම දරුවන්ට මෙම කාමරය සකස් කර දුන් ගෞරි ඛාන් එම කාමරයට අයත් සියලු භාණ්ඩ ගෞරිගේ වියදමින් ලබාදුන් බවද සඳහන් වේ.
නල දරු උපතකින් බිහිවූ මෙම දරුවන්ට මවත් පියාත් දෙදෙනාම වී ඇත්තේ කරන් ජෝහර් බව සඳහන් වේ. කෙසේ වෙතත්, කරන්ගේ ඥාතින් කිහිප දෙනෙකු මෙම දරුවන් වෙනුවෙන් කරන්ගේ මුම්බායි නිවසේ රැඳී සිටින බව සඳහන් වේ. කාර්යබහුල ජිවීතයක් ගෙවන කරන් ජෝහාර් මෙම අලුත් උපන් දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වැය කරමින් සිටින බවද දැන ගැනීමට ලැබේ.