කරන් ජෝහාර් ගේ උපන් දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-591

කුච් කුච් හෝතා හෑ, කභි ඛුෂි කභි ඝම්, කභි අල්විදා නා කැහැනා වැනි අතිශය ජනපි‍්‍රය ආදරණීය චිත‍්‍රපටි නිර්මාණය කළ කරන් ජෝහාර් මැයි 25 දා සිය 47 වන උපන් දිනය සැමරුවේය. ඔහු හැමදාමත් පුරුදුව සිටියේ සිය උපන් දිනය උත්සවාකාරයෙන් සමරන්නටය. එහෙත් මෙවර ඔහු සිය පවුලේ අය සහ සමීප මිතුරුමිතුරියන් කිහිප දෙනෙක් සම`ග සිය පි‍්‍රයතම නගරය වූ නිව්යෝර්ක්වලට ගියේය.

‘‘මේ වයසෙදි උපන් දිනයට සාද පවත්වනවා කියන එක විහිළුවක්.. මම දැන් තාත්තා කෙනෙක්.. දැන් මම කරදර වෙන්න ඕන මගෙ දරුවන්ගේ උපන් දින ගැන විතරයි..’’

පියෙකු වීම පිළිබ`දව මහා ආඩම්බරයකින් කතා කරන ඔහු කීවේ එලෙසය.

කුලියට ගන්නා ලද ගර්භාෂයකින් ලබා ගත් නිවුන් දරුවන් දෙදෙනා වන යාෂ් සහ රූහි රැුක බලා ගන්නේ කරන්ගේ අම්මා හිරූය. ඒ වෙනුවෙන් ඇය කරන කැප කිරීම ගැන ඔහු කතා කරන්නේ බොහෝ ප‍්‍රශංසාත්මකවය.

‘‘මගෙ දුව රූහි වැඩිපුර ආදරේ එයාගෙ ආච්චි අම්මට තමයි.. ඒත් පුතා මං කොහෙ හරි වාඩි වෙලා ඉන්නවා නම් දුවගෙන ඇවිත් මාව බදාගෙන ඉඹිනවා.. ඒ වෙලාවට මගෙ හිතට දැනෙන දේවල් විස්තර කරන්න වචන නෑ..’’

ඔහු කියන්නේ ආදරය උතුරා යන හ`ඩිනි.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබිණි. යාෂ් සහ රූහි සිය පුතු අබ්රාම් සම`ග පිහිනුම් තටාකයක කි‍්‍රඩා කරන ඡුායාරූපයක් සම`ග ගෞරි ඛාන් නිකුත් කර තිබූ පණිවිඩය කාගේත් සිත් ගත්තේය.

අබ්රාම් ද කුලියට ගත් ගර්භාෂයක් මාර්ගයෙන් ලබා ගන්නා ලද දරුවෙකි.