කරන් ජොහාර් නිවුන් දරුවන් සමඟ
කරන් ජොහාර් සිය නිවුන් දරුවන් ලබාගත්තේ කුලියට ගත් ගර්භාෂයක් මාර්ගයෙන් 2017දීය. රූහි සහ යාෂ් ජොහාර් වශයෙන් නම් කර ඇති ඔවුන් දෙදෙනා නිසා දැන් කරන් වෙනස්ම මිනිසෙකු බවට පත් වී සිටින්නේය. ඔහුට දැන් දරුවන් දෙදෙනාගෙන් තොර ලෝකයක් නැත. විවේකයක් ලැබුණු හැමවිටෙකම ඔහු කල්ගත කරන්නේ දරුවන් සමඟය. ඔහු සිය ට්විටර් ගිණුමට යොදා ඇත්තේත් දරුවන් තුරුළු කරගෙන ගත් සේයාරුවකි.
‘‘මම මගේ දරුවෝ චිත‍්‍රපටි දර්ශන තලයක හැදෙනවා දකින්න කැමති නෑ... එ් දෙන්නා ලොකු වුණාම ජීවිතය ගැන කැමති තීරණයක් ගන්න ඉඩ දෙනවා....’’ ඔහු කියන්නේය.