කරන්, කරීනා හා දරුවෝ
බිරිදක නැතිවත් දරු දෙදෙනෙකු ගේ පියෙකු වූ කරන් ජෝහාර් දැන් කල් ගෙවන්නේ සතුටින් හා දැඩි ආඩම්බරයෙන් බැව් කියැවෙයි. ඔහු පුතුට යාෂ් නම තබා ඇත්තේ සිය මිය ගිය පියා යාෂ් ජෝහාර් සිහිපත් වීම පිණීසය. දියණිය රූහි ඒ නම ලැබුවේ කරන්ගේ අම්මා හිරූ ගේ නමේ අකුරු මාරු කිරීමෙනි. කරන් ජෝහාර් සහ කරීනා කපූර් ඛාන් අතර ඇත්තේ නොබිෙ`දන මිතුදමකි. ඒ මිතුදම දැන් දරුවන් අතරට ද ගොස් ඇති බව පෙන්වන්නට මෙන් ඔහු ගේ දරුවන් දෙදෙනා සහ කරිනාගේ පුතු තායිමූර් එක්ව සෙල්ලම් කරන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් කරන් විසින් අන්තර්ජාලයට එක් කර තිබේ. එය දහස් ගණනකගේ අගය කිරීමට බ`දුන් වූයේය.
මේ දිනවල කරන් ජෝහාර් ඔහුගේ අලූත්ම චිත්රපටිය වන කලන්ක් සම`ග කාර්යබහුල වී සිටියි. සංජේ දත්, මධුරි ඩික්සිත්, වරුන් ධාවාන්, ආලියා භාත් මෙහි ප්රධාන චරිත රග පාති. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද, මේ වන විට ප්රදර්ශනය වෙමින් පවතින ධාදක් චිත්රපටියට ලැබෙන්නේ මිශ්ර ප්රතිචාරය.