කරන් කපාඩියාගේ චිත්‍රපටය ෆේල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-181

ටිවින්කල් ඛාන්නාගේ ඥාති සහෝදරයෙකු වු කරන් කපාඩියාගේ පළමු චිත්‍රපටය වූ ‘බ්ලැන්ක්’ පසුගිය මැයි මස 03 වැනිදා බොලිවුඩයේ තිරගත විය. කරන් කපාඩියා, සනී ඩියෝල්, ඇම්සඩ් ඛාන් ඇතුළු ජනප්‍රිය නළුනිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වූ අතර, ආක්ෂේ කුමාර් නර්තනයක් සඳහා ආරාධිත නළුවෙකු ලෙසද එක් විය.

මෙම චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී උපයා ගැනිමට හැකි වුයේ ඉන්දිය රුපියල් කෝටි 4.35ක මුදලකි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය සඳහා ඉන්දිය රුපියල් කෝටි 13ක මුදලක් වියදම් කර තිබුණ බව සඳහන් වේ. සනි ඩියෝල් මෙම චිත්‍රපටය ඇතුළුව මැතකදී රංගනයෙන් දායක වූ සියලු චිත්‍රපට අසාර්ථක ඒවා බවට පත්විය.