කරන් එක්ක වැඩ කරන්න ලැබුණ එක සතුටක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-19-ent-137

බොලිවුඩයේ චිත්‍රපටයක් සඳහා ඉහළම අය කිරීමක් කරන නිළිය ලෙස ප්‍රසිද්ධව සිටින කංගනා රණවුත් මේ වන විට කරන් ජෝහර් විසින් නිර්මාණය කරන්නට සැලසුම් කර ඇති අලුත්ම චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබි තිබේ.

කරන් ජෝහර්ගේ චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වීමට ලැබීම තමා වඩාත් සතුටට පත් වූ බව පවසන කංගනා මෙය අති සාර්ථක එකක් වනු ඇතැයි තමාට සිතෙන බවද ඇය පවසා ඇත.

කරන්ගේ චිත්‍රපට 4ක් ඉදිරි වසර දෙක කාලය තුළ තිරගත විමට නියමිතව තිබෙන අතර, ඒ ‘ඩ්‍රයිවර්’, ‘රාසී’, ‘කේසාරි’ හා කංගනා රංගන ‘බ්‍රහ්මස්තරා’ චිත්‍රපටය.