කරන් අලුත් චිත්රපටයකට ලෑස්තිය
පසුගිය වසරේ අති සාර්ථකව තිරගත වූ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්රපටය අධ්යක්ෂණය කරමින් වසර කිහිපයකට පසුව නැවතත් අධ්යක්ෂණ කටයුතුවලට සම්බන්ධ වූ කරන් ජෝහර් මේ වනවිට චිත්රපටයක් අධ්යක්ෂණය කරන්නට සූදානම් වෙන බව සඳහන් වේ.
වාර්තාවන අන්දමට සිය අලුත්ම චිත්රපටයට ඔහු සුපිරි නළු සල්මාන් ඛාන් හා ඔහුගේ හිටපු පෙම්වතිය වන කත්රිනා කයිෆ් සම්බන්ධ කරගෙන තිබෙන බව සඳහන් වේ. මෙහි සහාය චරිතයකට ඔහුගේ සමීපතම මිතුරා වන ෂාරුක් ඛාන්ද සම්බන්ධ කරගන්නා බවට ඔහු පවසා තිබේ. සල්මාන් ඛාන් හා කත්රිනා කයිෆ් රංගනයෙන් දායක වන ‘ටයිගර් සින්දාහේ’ චිත්රපටයේ වැඩ කටයුතුවලින් පසුව සිය චිත්රපටයේ වැඩ ආරම්භ කරන්නට කරන් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.