කරනදේට ප්‍රතිචාර එන්නේ ජනපි‍්‍රයත්වයෙන්
තමා ජනපි‍්‍රයත්වය පමණක්ම ලෝකය කර ගත් අයෙකු නොවන බව පද්මාවත් තුළින් නැවතත් බොහෝ කතාබහට ලක් වූ දීපිකා පදුකෝන් කියන්නීය.
‘‘මට වැදගත් වෙන්නෙ ජනපි්රයත්වයම විතරයි කියලා මම කියන්නෙ නැහැ. ඒත් මම වැඩ කරන ක්ෂේත්රයේ, මම කරන වැඩවල ප්‍රතිඵල එන්නෙ ජනපි‍්‍රයත්වය සහ මුදල් විදියට තමයි.. ඒක ම`ගාරින්න පුළුවන්කමක් මට නෑ..’’
සම්මාන ප්‍රදානෝත්සවයකට සහභාගි වෙමින් සිටියදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසින් ඇය පැවසුවාය.
‘‘පහු ගිය අවුරුදු දහය තිස්සේ කරපු වැඩවලින් මට රසික අවධානයත් නොම`දව ලබා ගන්න පුළුවන් වුණා.. මම කරපු හැම දෙයක්ම කළේ හරි සතුටින්.. ඒ වගේම මම හු`ගක් දේවල් ඉගෙන ගත්තා.. ඉස්සරහටත් එහෙමම තමයි..’’ ඇය කියන්නීය.