කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට
පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක් වන අතර, සිය ව්‍යාපාරය ලොව වටා ආරම්භ කරමින් ඇය පසුගිය වසරේ ඩොලර් මිලියන 360ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත.
එමෙන්ම ඇය වෘත්තියෙන් ඇමෙරිකානු පොප් ගායිකාවක්ද වෙයි. ඇය මේ වනවිට 21 වැනි වියෙහි පසුවන අතර, අවුරුදු 23කදී ෆේස්බුක් නිර්මාතෘ මාක් සගර්බර්ග්ගේ තත්ත්වයටම මේ වනවිට ඇයද පත්ව ඇතැයි මෙම තොරතුරු වැඩිදුරටත් වාර්තා කර සිටියි.