කයිරා ගැන මතවාදයක්
‘නේට්ෆික්ස්’ ආයතනය විසින් බෙදාහරිනු ලැබු ‘ලුස්ට් ස්ටෝරිස් චිත්‍රපටයේ එක් කෙටි චිත්‍රපටයක පෙනි සිටින ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කයිරා ආද්වානි පිළිබඳව මේ වනවිට බොලිවුඩය තුළ අමුතුවාදයක් ගොඩ නැගි තිබේ.
ඒ ඇය එම චිත්‍රපටයේ පෙනී සිටින එක්තරා දර්ශනයක් ඉලක්ක කරගෙනය. මෙම චිත්‍රපටයේ ඇය ගුරුවරියක් ලෙස චරිත නිරූපණය කරන අතර, ඇය පෞද්ගලික ආයතනය රැකියාවක නිරතවන පුද්ගලයෙකු සමග විවාහ වෙයි. එහෙත්, ලිංගික හැසිරිම්වලදි වැඩි තෘප්තියක් ඔහුගෙන් නොලැබෙන අතර, ඇය කෘතිම ලිංගික උත්තේජනයක් ලබා දෙන භාණ්ඩයකින් සිය අවශ්‍යතාවයන් සපුරා ගනියි.
ඇය මෙම දර්ශනයට සිය රංගන දායකත්වය ලබා දෙන අතර, ඒ නිසාම ඇය පිළිබඳව මේ දිනවල බොලිවුඩය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ. මෙම චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත නොවන අතර, එය අන්තර්ජාලයෙන් පමණක් නැරඹිය හැකි චිත්‍රපටයකි.