කමල්, එළිසබෙත් රැජින මුණගැසෙයි
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු කමල් හසන් පසුගියදා එංගලන්තයේ බකිම්හැම් මාලිගාවේදී එළිසබෙත් රැජින මුණගැසුණ පුවතක් වාර්තා වේ. මෙසේ කමල් හසන් බකිම්හැම් මාලිගාවට ගොස් ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුදැනුම මත බව සඳහන් වේ. මෙහිදී කමල් හා මහ රැජින අතර දීර්ඝ සංවාදයක්ද පැවතී ඇති අතර, ඇය එහිදී ඉන්දීය චිත්‍රපට අගයමින් කතා කළ බවද වාර්තා වෙයි.
එමෙන්ම කමල් මෙහිදී බකිම්හැම් මාලිගාව හා ඒ අවට පරිසරය උපයෝගී කරගෙන චිත්‍රපටයක් රූපගත කරන්නටද මහා රැජිනගෙන් කැමැත්ත ඉල්ලා ඇති අතර, ඒ සඳහා ඇයගේ කැමැත්ත ලැබී තිබෙන බවද මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරයි.