‘කබීර් සිං’ මුල්තැනට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-593

මේ වසරේ මේ දක්වා බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගත් ඉහළම ආදායම උපයාගන්නට ෂාහිඩ් කපූර් හා කියාරා අද්වානි රංගනයෙන් දායක වුණ ‘කබීර් සිං’ චිත්‍රපටය සමත්ව ඇත. ජුනි 21 වැනිදා තිරගත වීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය මේ දක්වා උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 357කි.

ඔවුන් අභිභවා ගියේ විකී කෞශාල් රංගනයෙන් දායක වූ ‘යුරි’ චිත්‍රපටය විසින් උපයාගෙන තිබු ඉන්දීය රුපියල් කෝටි 342යි. ‘කබීර් සිං’ යනු 2017 වසරේ තිරගත වූ ‘අර්ජුන් රෙඩ්ඩි’ නම් තෙළෙඟු චිත්‍රපටයේ අනු නිර්මාණයකි. මෙම චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය වන බැවින් මෙම උපයාගෙන ඇති මුදල වෙනස් වනු ඇතැයි විචාරකයින් පවසයි.