කබීර් සිං කෝටි 100ක උපයයි
මේ දිනවල බොලිවුඩයේ අති සාර්තකව තිරගත වෙන සංදිප් වැන්ගාගේ ‘කබීර් සිං’ චිත්රපටය පසුගිය සතිය වන විට සිය ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 106 දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබේ. ‘පද්මාවත්’ චිත්රපටයට පසුව ෂාහිඩ් කපුර් රඟපෑ චිත්රපටයක් ඉන්දීය රුපියල් කෝටි 100ය ඉක්මවු පළමු අවස්ථාව මෙය සිනමා ඉතිහාසයට එක් වේ. ෂාහඩ් සමගින් ජනප්රිය යොවුන් නිළි කියාරා අද්වානි මෙහි ප්රධාන චරිත නිරූපණය කරනු ලබයි. මෙම චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 27ක් වැනි අඩු මුදලකින් නිර්මාණය වූවක් වීම විශේෂත්වයකි.