කඳුළෙන් නිමාවූ සල්මන් ඓශ්වර්යා පෙම් පුරාවත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-02-ent-10

2017-03-02-ent-14සල්මන් ඛාන් සහ ඓශ්වර්යා රායි අතර වූ සම්බන්ධය පිළිබඳ පුවත් ඕපාදුප සොයන මාධ්‍යවලට හොඳ කටගැස්මක් වූයේ දශකයකටත් අධික කාලයක සිටය.

සල්මන් හා ඓශ්වර්යා ආදරයෙන් බැඳුණේ සන්ජේ ලීලා බන්සාලිගේ හම් දිල් දේ චුකේ සනම් චිත‍්‍රපටියේ රඟපාන කාලයේදීය. ඔවුන් දෙදෙනා තිරයේදී පමණක් නොව සැබෑ ජීවිතයේදී ද බොහෝ සෙයින් එකිනෙකාට සැසඳෙන යුවළක් බැව් සියල්ලෝම විශ්වාස කළහ. ඔවුන් ඉක්මනින්ම විවාහ වෙනවා දකින්නට ඔවුහු බලා සිටියහ. එහෙත් නොසිතූ විරූ ලෙස ඓශ්වර්යා සල්මන් ආදර කැදැල්ල කැඞී බිඳී ගියේය. එය දැනගත් විට ඔවුන් දෙදෙනා එක වහලක් යටට වනතුරු බලාගෙන සිටි බොහෝදෙනෙකුගේ සිත් ද බිඳිණි.

2002 දී ඓශ්වර්යා විසින් මාධ්‍ය වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡුාවක් විවාදයට තුඩු දුන්නේය. ඔවුන් දෙදෙනාගේ ඈත්වීම දරා ගත නොහැකි වූ සල්මන් ඇයට හිංසා පීඩා කරන බව එයින් කියැවිණි.

”සල්මන්ගෙන් ඈත් වුණාට පස්සෙ ඔහු මට දුරකථන ඇමතුම් දීලා අසභ්‍ය දේවල් කියන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි අභිෂේක් බච්චන්ගෙ ඉඳන් ෂාරුක් ඛාන් දක්වා හැම නළුවෙක්ම මට පාවලා දුන්නා...” ඇය කියා තිබිණි.

ඔවුන් දෙදෙනා එක්ව සිටි කාලයේ සල්මන් තමාට පහර දෙන්නට ද නොපැකිලූණ බැව් ඇය පැවසුවාය.

”ඔහු මට දරුණු විදියට පහර දෙනවා. වාසනාවට මම අතක් පයක් නොකැඞී බේරුණා. මේ කිසිම දෙයක් කාටවත් නොකියා හංගාගෙන ඉන්න මම දරපු උත්සාහය දන්නෙ මං විතරයි...”

ඓශ්වර්යාගේ එවදන් සියලූදෙනාම පුදුමයට පත් කළේය.

ඓශ්වර්යා සහ සල්මන් යොදාගෙන තවත් චිත‍්‍රපටියක් නිර්මාණය කරන්නට සන්ජේ ලීලා බන්සාලිට වුවමනා වී තිබිණි. එහෙත් ඔවුන්ගේ ඈත්වීම නිසා එය කළ නොහැකි වූයේය. 2015 දී තිරගත වූ බජිරා ඕ මස්තානි සඳහා ඔහු දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං යොදා ගත්තේ ඒ වෙනුවටය.

කෙසේ වුවත් මේ වනවිට ඓශ්වර්යා විවාහ වී මවක ද වී හමාරය. ඇගේ දියණියගේ වයස අවුරුදු හතරකි. සල්මන් විවාහ වෙන්නට සිතාවත් නැත.

 

චන්දි කොඩිකාර

 

2017-03-02-ent-08 2017-03-02-ent-09  2017-03-02-ent-11 2017-03-02-ent-13