කනිකාට හැමිල්ටන් මුණ ගැහිලා
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායිකාවක් වන කනිකා කපූර්ට පසුගිය සති අන්තයේදී සුපිරි ‘ෆෝමියුලා වන්’ ධාවක එංගලන්තයේ ලුවිස් හැමිල්ටන් මුණගැසී ඇත. ඒ පසුගිය සති අන්තයේදී ඔස්ට්‍රේලියාවේ පැවැති පළමු ‘ෆෝමියුලා වන්’ ග්‍රෝන් ෆ්‍රී ධාවන තරගයේදීය.
කනිකා හා හැමිල්ටන් දෙදෙනා වෙළෙඳ දැන්වීමක පෙනී සිටි අතර, ඇයට වෙළෙඳ නාම තානාපතිනිය ලෙස කටයුතු කරන්නටද එහිදි අවස්ථාව ලැබී තිබුණ බව සඳහන් වේ. ‘බාබිඩෝල්’ හා ‘ලව්ලි’ යන ගීත වලින් ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන දිනාගත් කනිකා මෑත කාලයේදී වඩාත් ජනප්‍රිය වුයේ ජැක්ලින් ෆර්නැන්ඩෙස් රඟපෑ ‘චිතියන් කාලියාන්’ ගීතයෙනි.