කන්ගනාගේ උපන් දින තෑග්ග
කන්ගනා රනවුත් සිය 31 වන උපන් දිනය සැමරුවේ මාර්තු 23 දාය. සිය උපන් දිනය වෙනුවෙන් ඇය කළේ මනාලිවල පිහිටි ඇගේ අලූත් මැදුරේ ගෙවත්තේ පැල රාශියක් සිටුවීමය. එය සිය උපන් දිනය වෙනුවෙන් ලෝකයට පිරිනැමෙන තෑග්ගක් බැව් ඇය කීවාය.
‘‘අපේ ලෝකය සුන්දර වගේම විෂ වායුවලින් තොර වෙලා තියෙන්නෙ ගස්වැල් හින්දයි.. අපේ හො`දම මිතුරෝ තමයි ගස්වැල්.. ඒ හින්දා අපි කරන්න ඕන ගස් කපලා දාන එක නෙමෙයි පුළුවන් තරමක් පැල හිටවන එකයි..’’ කන්ගනා කියන්නීය.
ඇය උපන් දිනය ගත කළේ ඇගේ පවුලේ අයත් සම`ගය. සොයුරිය රන්ගෝලි ගේ අලූත උපන් පුතු කෙරෙහි කන්ගනා ගේ සිතේ ඇත්තේ අසීමිත ආදරයකි. ඉඩක් ලද හැම විටෙකම ඔහු වඩාගෙන සුරතල් කරන්නට ඇය පි්රය කරන්නීය.