කන්ගනාගෙන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්
ඉන්දියාවේ කේරලේ ඇති වූ අපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූවන් වෙනුවෙන් පෙනී සිටීමට බොලිවුඩ් නිළි කන්ගනා රනාවුත් ඉදිරිපත්ව තිබේ. ඇය විසින් මෙම ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක් පරිත්‍යාග කර තිබේ. ඇය මෙන්ම බොලිවුඩයේ සුප්‍රසිද්ධ චරිත වන සුසාන්ද් සින්ග් රාජ්පුත්, වරුන් දවාන්, අලියා බාත්, අනුෂ්කා ශර්මා වැනි රංගන ශිල්පීන්ද මේ ආකාරයෙන් මුදල් පරිත්‍යාග කර බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.