කති‍්‍රනාගේ සිනමා ගමන පොතකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-03-ent-73

දැන් සුපිරි තරු අතරේ වැජඹෙන්නියක වුවත් කති‍්‍රනා කායිෆ් සිය සිනමා දිවියේදී බොහෝ හැලහැප්පීම්වලට මුහුණ දුන් නිළියකි.

ඇය සිනමාවට පය තැබුවේ බූම් චිත‍්‍රපටියෙනි. එහි ර`ග පාන්නට නියමිතව සිටි නිරූපිකාව අවසාන මොහොතේ එයින් ඉවත් වීම නිසා එම චිත‍්‍රපටියට කති‍්‍රනා තෝරා ගනු ලැබිණි. එම චිත‍්‍රපටියේ ප‍්‍රධාන නළුවා ඇගේ ර`ග පෑම් සහ නර්තනය බොහෝ සෙයින් විවේචනය කළේය. ආගන්තුක ක්ෂේත‍්‍රයක එවන් අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වූ කල කෙනෙක් මානසිකව කඩා වැටෙන තරම වචනයෙන් විස්තර කළ නොහැකිය. එහෙත් ඇය ආපසු හැරුණේ නැත .

2018-04-03-ent-74‘‘කොයි තරම් අර්බුදවලට මූණ දෙන්න සිද්ද වුණත් මම පටන් ගත්ත ගමන අවුරුදු 15ක් විතර තිස්සෙම දිගටම ආවා.. මේ ගමනේ හැම සන්ධිස්ථානයක්ම හරි අපුරුයි.. හු`ගක් දෙනෙකුට ආදර්ශයක් ගන්න පුළුවන් දේවල් මගේ කතාව ඇතුළෙ තියෙනවා.. ඒ හින්දා මම හිතාගෙන ඉන්නේ ඒ හැම දෙයක්ම පොතකට ඇතුල් කරන්න..’’ කති‍්‍රනා කියන්නීය.

අය ක්ෂේත‍්‍රය තුළ නොවැටි සිටින්නට ඉගෙන ගත්තේ දුෂ්කර අවස්ථාවන්ට හා පරාජයන්ට මුහුණ දීම තුළිනි. එවන් අත්දැකීම් තුළින් ලබන අධ්‍යාපනය සාර්ථකත්වයට ම`ග පෙන්වන බැව් ඇය කියන්නීය.

‘‘මොකක් හරි ඉලක්කයකට යනවා නම් ඒකට සැලැස්මක් තියෙන්න ඕන.. හැබැයි ඒක දෙවෙනි මට්ටමේ නෙමෙයි පළ වෙනි මට්ටමේ වෙන්න ඕන.. දෙවෙනි මට්ටමේ ඉ`දලා හිතන අය කලින්ම පරාජය පිළි අරගෙන ඉවරයි.. මම පරාජය දකින්නෙත් ජයක් විදියට..’’

ඇගේ එවදන් තුළ ඇත්තේ ඉතාම ප‍්‍රබල ජීවන දර්ශනයක් බැව් නොකිවමනාය.