කත්‍රිනාගේ උපහසාත්මක කෙටි පණිවිඩය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-08-ent-89

රන්බීර් කපූර් හා ආලියා භාට් මේ වනවිට පෙම්වතුන්ව ඇත. ඔවුන්ට රහසක් වූවද එය ලෝකයාට නම්තවමත් එය රහසක් නොවන බව ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය සඳහන් කර ඇත. පසුගියදා එක්වූ රූපවාහිනි වැඩසටහනකදී රන්බීර් පවසා ඇත්තේ තම ආදරය කාලයාට භාරදී ඇති බවය. එය එසේ වූවත් බොහෝ දෙනා පවසන්නේ රන්බීර් මෙන්ම ආලියාද නුදුරේම විවාහ වනු ඇති බවය.

රන්බීර් සමගින් වසරකට වඩා වැඩි කාලයක් පෙම්වතුන් ලෙස කටයුතු කළ කත්‍රිනා කයිෆ් මේ වනවිට ආලියා භාට්ගේ හොඳම මිතුරිය වී ඇත. කෙසේ වෙතත්, ඇය පසුගියදා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමේ රන්බීර්ව අලලා උපහසාත්මක කෙටි පණිවිඩයක් යවා ඇත. එහි සඳහන්ව ඇත්තේ ‘එය දකින විට මම විශ්වාස කරමි. නැත්නම් අවිශ්වාස කරන්නෙමි. මන්දයත් රන්බීර් යනු විවිධ අවස්ථාවල විවිධ චරිත කෙනෙක් බව’ ඇය එහි සඳහන් කොට තිබුණි.