කත්‍රිනා සහ අදිත්‍ය අතර ගැටුමක්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-12-ent-33

බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ් සහ බොලිවුඩ් නළු ආදිත්‍ය රෝයි කපූර් අතර යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් උදාවී ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ ආදිත්‍ය සහ කත්‍රිනා යොදා නිෂ්පාදනය කිරීමට සැලසුම් කළ චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වීම කත්‍රිනා කයිෆ් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙනි. කත්‍රිනා එම චිත්‍රපටය ප්‍රතික්ෂේප කර ඇත්තේ ආදිත්‍ය නිසාවෙන් බවයි සඳහන් වෙන්නේ.

ඒ සඳහා හේතු දක්වමින් කත්‍රිනා පවසා ඇත්තේ ආදිත්‍ය යනු අසාර්ථක නළුවෙකු බැවින් එවැනි නළුවන් සමග රංගනයේ යෙදීමට ඇය අකමැති බවයි. 2015 දී තිරගත වූ Fitoor චිත්‍රපටය ආදිත්‍ය සහ කත්‍රිනා යොදා නිර්මාණ කරනු ලැබූ අතර, එය ආදායම් අතින් අසාර්ථක විය. එහි අසාර්ථකත්වය කත්‍රිනාට අපකීර්තියක් වූ බව සඳහන් වෙයි. මේ කාරණාව හේතුවෙන් ඇය මෙම නවතම සිනමා නිර්මාණය ප්‍රතික්ෂේප කළ බවයි බොහෝදෙනා සඳහන් කරන්නේ. ආදිත්‍ය තමාගේ මිතුරෙකු වූවත් ඔහු සමග රංගනයෙන් දායක වූ චිත්‍රපට සාර්ථක නොවුණු බව ඇය පවසයි.