කත්‍රිනා, සල්මාන්ගේ මිත්‍රත්වය ගැන කතා කරයි
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කයිෆ් තමන් හා සුපිරි සල්මාන් ඛාන් අතර ඇති මිත්‍රත්වය ඉතා ශක්තිමක් එකක් බව පසුගියදා මාධ්‍යය අසන ලද ප්‍රශ්නයකදී පවසා ඇත. වසර 16ක් ඈතට දිව යනු තමා හා සල්මාන් අතර මිත්‍රත්වය කාලයකදී විරසක වී තිබුණද නැවතත් එය වර්තමානය වන විට පෙරටත් වඩා ශක්තිමත්ව තිබෙන බව ඇය පවසා ඇත. කත්‍රිනා හා සල්මාන් පළමුවට බොලිවුඩ් සමිනමාව තුළ දකින්නට ලැබෙන්නේ 2003 වසරේ වන අතර, ‘මේන් ප්‍යාර් කියානා කියු’ චිත්‍රපටය තුළිනි. අවසන් වරට මේ වසරේ තිරගත වූ ‘භාරත්’ චිත්‍රපටයද සමග ඔවුන් බොලිවුඩ් චිත්‍රපට අටක රංගනයෙන් දායක වි ඇත. ඒ අතර, වාර්තාගත ලෙස ආදායම් උපයාගත් ‘ටයිගර්’ චිත්‍රපට තුනක්ද එම චිත්‍රපට අතර තිබීම විශේෂත්වයකි.