කත්‍රිනා සටන්කාරියක් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-21-ent-02

දෙසැම්බර් 22 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත කබිර් ඛාන්ගේ ‘ටයිගර් සින්දා හේ‘ චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් මේ දිනවල ඉන්දියාවේ මුම්බායිහිදි සිදු කෙරේ. සල්මාන් ඛාන් හා කත්‍රිනා කයිෆ් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි පළමු අදියරයේ රූපගත කිරීම් මොරොක්කෝවේ, ඔස්ට්‍රියා හා අබුඩාබිහිදි සිදු කෙරිණි. මේ දිනවල සිදුකෙරෙන රූපගත කිරීම් අතර දර්ශන බොහොමයක සටන් ජවනිකා ඇතුළත්ව තිබෙන අතර, එම දර්ශන සඳහා පෙනී සිටීමට පෙර කත්‍රිනා කයිෆ් විශේෂ සටන් පුහුණුවක නිතරවන බව සඳහන් වේ.

ඇය එසේ සටන් පුහුණුවන අයුරු සටහන්වන ඡායාරූප කිහිපයක්ද මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඇය එම සටන් පුහුණුවීම් සඳහා හොලිවුඩ් සටන් අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකුගේද සහාය ලබාගෙන තිබෙන බව සඳහන් වේ.

 

 2017-06-21-ent-04 2017-06-21-ent-03