කත්‍රිනා එක්ක රඟපාන්න දීපිකා එපා කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-22-ent-188

කත්‍රිනා කායිෆ් සහ දීපිකා පදුකෝනි අතර තිබෙන වෛරය මේ වනවිට සෙසු අයටත් බලපාන බව දැනගන්නට ලැබී තිබේ. දීපිකා කත්‍රිනාට මෙතරම් වෛරය කරන්නේ දීපිකාගේ හිටපු පෙම්වතා වූ රන්බීර් කපූර් කත්‍රිනාට පෙම් කරන නිසාවෙනි.

නවතම චිත්‍රපටයක් සඳහා දීපිකාගේ නව පෙම්වතා වන රන්වීර් සින්ග්ට අවස්ථාවක් උදාවී ඇති අතර, එහි ප්‍රධාන නිළිය ලෙස කත්‍රිනා කායිෆ් කටයුතු කරයි. මේ හේතුවෙන් රන්වීර් මෙම චිත්‍රපටය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙයි. මේ ගැන බොහෝ දෙනා සඳහන් කරනු ලබන්නේ රන්වීර් තව පෙම්වතිය වෙනුවෙන් චිත්‍රපටයක් කැප කෙරූ බවය.