කණ්ණාඩියෙන් මූණ බලන්නත් බය වූ ඉලීනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-06-21-ent-116

2018-06-21-ent-117තමන්ගේ අඩුපාඩු ප‍්‍රසිද්ධියේ කියන්නට කිසිම කෙනෙක් කැමති වන්නේ නැත. එහෙත් ඉලීනා ඩි කෲස් මානසික රෝගයක් නිසා තමා චිත්ත පීඩාවට පත්ව සිටි බව කියන්නට පැකිලූණේ නැත. එම නිසාම මාධ්‍යවල ඇය හැ`දින්වුණේ අවංක නිළියක් ලෙසිනි.

ඉලීනාට වැළ`දී තිබූ මානසික රෝගය හැ`දින්වෙන්නේ බොඩි ඩිස්මෝෆික් ඩිසෝඩර් යනුවෙනි. තමා අවලස්සන බැව් සිතා ඒ පිළිබ`දව පීඩා වි`දීම මේ රෝගයේ මූලිකම ලක්ෂණය ලෙස හැ`දින්වෙයි. මෙම රෝගය වැළ`දුණ අයගෙන් සමහරු නිරන්තරයෙන්ම කණ්ණාඩිය අසළම ගැවසෙන අතර සමහරු කණ්ණාඩිය දෙස බලන්නට බිය වෙති. ගැටවර වියේ සිටම ඉලීනා මෙයින් පීඩා වින්දාය. ප‍්‍රතිකාරවලින් පසුව ඇයට ඒ තත්වයෙන් මිදෙන්නට හැකි විය.

‘‘ජනපි‍්‍රය කෙනෙක් වුණාම හැමෝගෙම අවධානය යොමු වෙනවා වැඩියි... ඒ හින්දා ලස්සනට අ`දින්න පළ`දින්න ඕන තමයි.. ඒත් කෙනෙකුට හැමෝම සතුටු කරන්න බෑ කියලා මම දැන් තේරුම් අරගෙන ඉන්නෙ.. අපි කොච්චර හො`දට ඇන්දත් මිනිස්සු වරදක් හොයනවාමයි..’’ ඇය කියන්නීය.

මේ දිනවල ඉලීනා දකින්නට ලැබෙන්නේ රේඞ් චිත‍්‍රපටියේය.