‘කංචනා’ තුන්වැන්න කෝටි 100 ඉක්මවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-71

අතිශය ජනප්‍රිය දමිල චිත්‍රපට මාලාවක් වන ‘කංචනා’හි තුන්වැනි චිත්‍රපටය මේ වනවිට දකුණ් ඉන්දීය බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරළියක් ඇති කිරීමට සමත්ව තිබේ. පසුගිය අප්‍රේල් 19 වැනිදා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දිය රුපියල් කෝටි 109ක මුදලක් උපයා ගැනිමට සමත්ව ඇත.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන රාඝවා ලොරන්ස් මෙම චිත්‍රපටයේ තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණයද සිදු කර තිබීම විශේෂත්වයකි. අත්භූත් චිත්‍රපට මාලාවක් වූ ‘කංචනා’ පළමු වැන්න 2011 වසරේ තිරගත වූ අතර, එය කෝටි 31ක් උපයන්නට සමත් විය. ‘කංචනා’ දෙවැන්න 2015 වසරේ තිරගත වූ අතර, එය කෝටි 121ක් උපයාගන්නට සමත් විය.