කංගනාට යළිත් සම්මානයක් ගන්න ආසාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-06-ent-133

මේ වසරේ පෙබරවාරි 24 වැනිදා තිරගත වන ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන කංගනා රනවුත් එම චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක නිරත වන සිනමා විචාරකයන් පවසනවා. මේ නිසාම ඇයට සම්මානයක් සඳහා නිර්දේශ වන්නටද හැකියාව පවතින බව බොහෝ දෙනාගේ අදහසයි.

‘රැන්ගොන්’ චිත්‍රපටයේ ෂාහිඩ් හා සායිෆ්ගේ පෙම්වතිය ලෙස කටයුතු කරන ඇය එහි සරාගි දර්ශන බොහෝ ප්‍රමාණයකටද දායකව සිටියි. පසුගිය කාලයේදී කංගනාගේ චිත්‍රපට බොහොමයක් අසාර්ථක වුවද ඇය චිත්‍රපටයක් සඳහා අය කරන ඉන්දීය රුපියල් කෝටි 11ක මුදල අඩු නොකළ බව සඳහන්.

‘රැන්ගොන්’ චිත්‍රපටය සඳහාද ඇය එවැනි විශාල මුදලක් අය කළ බව වාර්තා වෙනවා.