කංගනාට තවත් චිත්‍රපටයක්
හිටපු තමිල්නාඩු මහා ඇමැතිනි ජයලලිතාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන දමිල චිත්‍රපටයකට සම්බන්ධ වී සිටින බොලිවුඩ් සුපිරි නිළි කංගනා රනවුත්ට තවත් චිත්‍රපටයකට එක්වීමට ආරාධනාවක් මේ වනවිට ලැබි තිබේ. ඒ මේ වසරේ ජූලි මාසයේ දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රදර්ශනය වූ ‘අදායි’ චිත්‍රපටයේ හින්දි නිර්මාණය සඳහාය.
අත්භූත කතා තේමාවක් ඇති මෙම චිත්‍රපටය කංගනා ඉතා කැමැත්තෙන් භාරගත් බව එම චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම මාධ්‍යය දැනුම්වත් කර තිබේ. කෙසේ වෙතත්, ලැබෙන තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සඳහන් වේ.