කංගනාට අපල කාලයක්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-29-ent-65

බොලිවුඩයේ චිත්‍රපට රංගනයක් සඳහා වැඩිම මුදලක් අය කරන නිළිය ලෙස ප්‍රසිද්ධව සිටින කංගනා රනවුත් පසුගිය සති අන්තයේදී නැවත වරක් අනතුරකට ලක් වූ බව සඳහන්. ඒ සිය අලුත්ම චිත්‍රපටය වූ Manikarnika: The Queen of Jhansi චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදීය. චිත්‍රපටයේ බොහෝ දර්ශන මේ වනවිට රූපගත කර තිබෙන අතර, චිත්‍රපටයේ අවසන් දර්ශන කිහිපයක රූපගත කිරීම් කටයුතු සිදුකරන අතරතුරදී මෙසේ කංගනා අනතුරකට ලක්ව තිබෙන බව සඳහන් වෙයි.

මෙම අනතුරින් කංගනාගේ දකුණු කකුලේ වළලුකර ප්‍රදේශයේ ආබාධයට ලක්ව ඇත. මෙම අනතුරත් සමග ඇය ජෝදාපූර්හි පෞද්ගලික රෝහලකට යොමු කර තිබෙන අතර, ආබාධයට ප්‍රතිකාර ලබාදී ඇය එදිනම සිය නිවෙස වෙත ගිය බව සඳහන් වෙයි.

 

2017-11-29-ent-67 2017-11-29-ent-66