කංගනාගේ සර්ථකත්වය ‘මානිකර්නිකා’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-30

මේ වසරේ තිරගත වූ ‘මානිකර්නිකා’ චිත්‍රපටය දින තුනක් ඇතුලත ඉන්දී්‍ය රුපියල් කෝටි 50ක ආදායමක් උපයාගන්නට සමත්ව ඇත. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය මේ වසරේ සාර්ථක චිත්‍රපටයක් වන ලකුණු මේ වනවිට පෙන්වමින් සිටින බවය.

කංගනා රනවුත්, අතුල් කුල්කර්ණි, සුරේෂ් ඔබ්රෝයි, අන්කෙත් ලෝකෙන්ඩ්වාලා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඉන්දීයාවෙන් බිහිවූ වීර කාන්තා චරිතයක් වන ‘මානිකර්නිකා’ ජීවිත කතාව අලලා නිර්මාණය වී තිබෙන්නකි. සිනමා විචාරකයන් පවසන්නේ ‘ක්වීන්’ චිත්‍රපටයෙන් පසුව කංගනාගේ ඉතා විශිෂ්ට රංගනයෙක් මෙම චිත්‍රපටය තුළින් දැක බලාගන්නට ප්‍රේක්ෂකයාට අවස්ථාව ලැබී තිබෙන බවය.