කංගනාගේ නිෂ්පාදන ආයතනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-04-ent-92

‘ක්වීන්‘ චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවුත් පසුගියදා අලුත් ව්‍යාපාර කටයුත්තකට මුලපුරා තිබේ. ඒ ඇය ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට හා බෙදාහැරීම් කටයුතු සඳහා යොමුවිමේ අදහසිනි. පසුගියදා ඇය සිය නිෂ්පාදනය ආයතනය සඳහා මුම්බායි නගරයෙන් ආයතනයක්ද මිලදී ගත් අතර, ඒ කෝටි 20ක් වැනි අධික මිලකටය.

සිය අලුත්ම ව්‍යාපාරික කටයුත්ත පිළිබඳව ‘ෆිල්ම් ෆෙයාර්‘ සඟරාව සමගින් කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ තමා රංගනයෙන් දායක වන චිත්‍රපට ලාභ ලබන හෙයින් එය තමාගේම නිෂ්පාදනයක් කරගැනීමේ අරමුණින් මෙම ව්‍යාපාරික කටයුත්තට මුලපිරූ බවයි. කංගනා ඉදිරියේදී රංගනයෙන් දායක වන ‘මනිකර්ණිකා‘ චිත්‍රපටයද ඇයගේ නිෂ්පාදනය ලේබලය යටතේ නිර්මාණය වන්නක් බවද ඇය මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ.