කංගනා නිවාඩුවක් ගත කරන්න ස්විට්සර්ලන්තයේ ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-57

මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ‘මාණිකර්ණිකා’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරූපි කංගනා රණවුත් මේ දිනවල ස්විට්සර්ලන්තයට පැමිණ සිටියි. ඒ ඇය දින කිහිපයක නිවාඩුවක් ගත කිරීම සඳහාය. කංගනා සිය ‘ටිවිටර්’ ගිණුම තුළ ඡායාරූප කිහිපයක්ද සමගින් සටහනක් තබා තිබුණේ සිය අලුත්ම චිත්‍රපටය වූ ‘මාණිකර්ණිකා’ චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් ඇය මෙසේ ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි බවය.

මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව විදෙස් රටවල් කිහිපයකද ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය උපයා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලකි. කෙසේ වෙතත්, වකිපිඩියා වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ මෙම චිත්‍රපටය ඉන්දිය රුපියල් කෝටි 125ක මුදලකින් තැනුවක් බවය. ඒ බැවින් මෙම චිත්‍රපටය තවමත් අසාර්ථක එකක් බව බොහෝ දෙනා පවසන්නක් වී ඇත.