කංගනා නැවතත් රාජකුමාරිකාවකට පණපොවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019 වසරේ ජනවාරි මාසයේදී බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වූ ‘මැණිකාර්නිකා - ද කුවීන් ඔෆ් ද ජැන්සි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවු කංගනා රණවුත් නැවතත් රාජකුමාරිකාවට පණ පොවන පුවතක් බොලිවුඩයෙන් වාර්තා වෙයි. ඒ ‘මැණිකාර්නිකා රිටන්ස් - ද ලෙජන්ඩ් ඔෆ් ඩීඩා’ නම් චිත්‍රපටයේය.

අති දැවැන්ත සිනමා නිර්මාණයක් වන මෙහි නිෂ්පාදනයද කංගනා රණවුත් විසින්ම දැරීම විශේෂත්වයකි. චිත්‍රපටයේ වැඩ කටයුතු එළැඹෙන මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිතය. 2019 වසරේ ප්‍රදර්ශනය වූ ‘මැණිකාර්නිකා’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ බොහෝ නළුනිළියන් පිරිසක් මෙම චිත්‍රපටය සඳහාද එක්ව සිටින බව දැන ගැනීමට ලැබේ.

20210122Kangana (1) 20210122Kangana (2) 20210122Kangana (3)