‘කංගනා’ ජයලලිතාට පණ පොවයි
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කංගනා රණවුත් වසර කිහිපයක් තිස්සේ තමිල්නාඩු මහා ඇමැතිනි ලෙස කටයුතු කළ දිවංගත ජයලලිතා ජයරාම් අලලා නිර්මාණය වන දමිල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට කැමැත්ත පළකොට ඇතැයි වාර්තා වේ. මීට පෙර මෙම චරිතයට අයිශ්වර්යා රායි, අනුෂ්කා ෂෙට්ටි හා ජනප්‍රිය ගායිකා නේහා කක්කර්ගේ නම් යෝජනා වී තිබුණි. පසුව මෙම චරිතයට කංගනා තෝරා ගත් බව මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන විජේ නිළ වශයෙන් පසුගියදා මාධ්‍යය දැනුම්වත් කර ඇත.