කංගනා චිත්‍රපට අධ්‍යක්ෂණයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-31-ent-107

සුපිරි නළු රිතික් රෝෂන් සමග කළ ඊමේල් ගනුදෙනුවක් නිසාවෙන් මේ වනවිට බොලිවුඩයේ වඩාත් කතා බහට ලක්ව සිටින කංගනා රනවුත් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. මීට සති කිහිපයකට පෙර තමාගේ චිත්‍රපට නිෂ්පාදන හා බෙදාහැරීම් ආයතනයක් ආරම්භ කළ කංගනා එක්වරම චිත්‍රපට අධ්‍යක්ෂණයටද යොමු වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන කාරණයක් වී ඇත.

කංගනා අධ්‍යක්ෂණය කිරීමට සැලසුම් කර ඇති චිත්‍රපටයට මේ වනවිට නළු නිළියන්ද තෝරාගෙන ඇති අතර, ඒ රාජ්කුමාර් රාඕ හා අයේස්මන් කූරානා දෙදෙනාය. කංගනා මෙහි ප්‍රධාන නිළියට පණපොවනු ලබයි. එය දුෂ්ඨ චරිතයක් බව මේ වනවිට තහවුරු කර තිබේ. කංගනා පළමු වරට නිෂ්පාදනය කළ ‘Manikarnika: The Queen of Jhansi’ චිත්‍රපටය 2018 වසරේ අප්‍රේල් මාසයේදී තිරගත වීමට නියමිතව ඇත.