කංගනා කෝටි 4ක මහල් නිවාස මිළඳි ගනියි
බොලිවුඩ් චිත්රපටයක් සඳහා ඉහළ මුදලක් අය කරන නිළිය බවට අදටත් පත්ව සිටින සුරූපි කංගනා රණවුත් මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ චන්දිගර්හි ඉදිවෙමින් පවතින මහල් නිවාස හතරක් ඉන්දිය රුපියල් කෝටි 4කට මිළඳි ගෙන ඇතැයි වාර්තා වෙයි. මේ බව සඳහන් කර තිබුණේ ප්රකට ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත විසිනි.
එයට ප්රතිචාර දක්වමින් කංගනා සිය ‘ටිවිටර්’ ගිණුම හරහා රසිකයන් දැනුම්වත් කර තිබුණේ තමන් එම මහල් නිවාස හතර මිළඳී ගෙන ඇත්තේ තම සහෝදර, සහෝදරියන්ට ලබාදීමට බවය. එමෙන්ම ඇය මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් කියා ඇත්තේ තම ධනය තම පවුලේ අය සමග බෙදාගැනීමට ලැබීම සතුටක් බවය.